தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
මැතිවරණ තියන්න පුළුවන් කිව්වෙ අනිල් ජාසිංහ - පී.බී. ජයසුන්දරගෙ නීතිඥයා අධිකරණයට දැනුම් දෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ තියන්න පුළුවන් කිව්වෙ අනිල් ජාසිංහ – පී.බී. ජයසුන්දරගෙ නීතිඥයා අධිකරණයට දැනුම් දෙයි



වසංගතය ව්‍යාප්තියක් තිබියදී රටේ වත්මන් තත්ත්වය හමුවේ මහමැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරට දන්වා ඇති බව අනාවරණය වේ.
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා විසින් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ජනාධිපති ලේකම් වෙනුවෙන් කරුණු දක්වමින් මේ බව හෙළිකර ඇත.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයත් ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහාත් නිකුත් කර තිබෙන ගැසට් නිවේදන අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දින ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරිණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීමේදී කරුණු දක්වමින් නීතිඥවරයා අවධාරනයකර සිටියේ මැතිවරණ කොමිසම එම මැතිවරණ ක්‍රියා පටිපාටිය ආරම්භ කිරිම ප්‍රමාද කර සිටින්නේ ඇයිද යන්න ගැටළු සහගත බවය.
මෙසේ විභාගයට ගැණුනු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර නම්කර තිබේ.