தமிழ்
English
Contact
Thursday 5th December 2019    
මැතිවරණ පවත්වන්න පන්සල්වලටයි මාධ්‍යවලටයි භාරදෙන්න වේවි - මහින්ද දේශප්‍රිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ පවත්වන්න පන්සල්වලටයි මාධ්‍යවලටයි භාරදෙන්න වේවි – මහින්ද දේශප්‍රිය



මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කාලය තුළ ඇතැම් භික්ෂුන් හා මාධ්‍ය ආයතන විසින් මැතිවරණ නීති කඩමින් සිදුකළ පක්ෂග්‍රාහී කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කනගාටුව පළ කළේය.

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල දැනුම් දෙන්නට ඊයේ(17) සවස 3.00ට පමණ මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඔහු තවදුරටත් ලංකාවේ මැතිවරණවලදී මේ කටයුතු සිදුවන්නට ඉඩදෙන්නේ නම් මැතිවරණ කොමිසම සිය කාර්යයෙන් ඉවත්ව පන්සල්වලට හා මාධ්‍ය ආයතනවලට අවශ්‍ය පුද්ගලයන් තෝරාගන්නට ඉඩ හල යුතු බව පැවසීය. මැතිවරණ කොමිසම ජනතා මුදල් බිලියන ගණනින් වැය කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්නට ගන්නා වෙහෙස එවැනි පක්ෂග්‍රාහී තත්වයන් නිසා නිශ්ඵල වන බැවින් මෙසේ ප්‍රකාශ කිරීමට සිදුවන බව ඔහු එහිදී මාධ්‍යවේදින් හා අපේක්ෂකයන් හමුවේ අවධාරනය කළේය.