Posted on 05.29.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ආණ්ඩුව ජයග්‍රහණය කරගෙන පළාත් සභා මැතිවරණය පවත්වා එය ද ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දඹුල්ල මහ නගර සභාව මගින් ක්‍රියාත්මක කරන කසල ප්‍රතිචක්‍රීකරන ව්‍යාපෘතිය යටතේ නිපදවන කාබනික පොහොර අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් දඹුල්ල නගර මධ්‍යයේ ආරම්භ කිරීමේ අවස්ථාවට අද(29) පස්වරුවේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
පළාත් සභා මැතිවරණ ඒකවර ඒක් දිනයක පැවැත්විය යුතු බවට පළාත් සභා පනත් සංශෝධනයක් මගින් සම්මත කළද ඒය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතුකරන බවක් පළාත් පාලන ඇමතිවරයා පවසයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී යුද මෙහෙයුම් ජයග්‍රහණය කිරීම් ඉලක්ක කරමින් කෛටස් වශයෙන් පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් සිදුකළ ආකාරයට මෙවරද පළත් සභා කොටස් වශයෙන් මැතිවරණ කැඳවන්නට සූදානම්වන බවට ඉඟි පළ වී ඇත.