Posted on 06.27.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කෙරෙන ගැසට් නිවේදනයේ ඇතුළත් රෙගුලාසි කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
කොවිඩ් 19 වසංගතය හමුවේ මහමැතිවරණය සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැත්වීම සඳහා වන නිර්දේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් මැතිවරණ කොමිසන් සභාවට බාරදෙනු ලැබූ අතර එම නිර්දේශ මාලාව රෙගුලාසි වශයෙන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.
මෙම ගැසට් නිවේදනයෙන් සිදුවන්නේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිර්දේශ මාලාව නීති සහ රෙගුලාසි බවට පත්වීම යැයි සෞඛ්‍ය ඇමතිවරිය පවසා ඇත.
මහමැතිවරණය සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැත්වීම සඳහා වන නිර්දේශවලට අමතරව, ඒවා ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවරන බලතල මෙම ගැසට් නිවේදනයට ඇතුළත් වන බවද ඇමැතිවරිය පවසා ඇත.