தமிழ்
English
Contact
Thursday 29th October 2020    
මැතිව් ප්‍රනාන්දු සමුගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිව් ප්‍රනාන්දු සමුගනී!



1987-89 මර්දනයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් ඉටු කළ වාම ක්‍රියාධරයකු වූ මැතිව් ප්‍රනාන්දු සිය ජීවන ගමන නිමා කළේය.

87-89 මුහුණ දුන් මර්දනයෙන් පසුව 1990 දසකය මුල නැවත ආරම්භ කිරීමෙන් පසුව ඒකරාශිකරන ලද ‘ගුලිය’ ලෙසින් හඳුන්වන ලද මූලික සංවිධානය තුළ ඔහු ක්‍රියාකාරිකයකු විය. 1994 ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමේදී මැතිවරණයට ඉදිරිපත් වූයේ ‘මල් බඳුන’ ලකුණ යටතේ ප්‍රගතිශීලි පෙරමුණ නමිනි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වූයේ මැතිව් ප්‍රනාන්දුය.
පශු වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ මැතිව් ප්‍රනාන්දු සහෝදරයාගේ දේහය පේරාදෙනිය, ගන්නෝරුව පාරේ පශු වෛද්‍ය නිල නිවසේ තැන්පත් කර ඇති අතර ඔක්තෝබර් මස 06 වැනිදා ප.ව. 4.00ට මහනුවර, මහයියාව පොදු සුසානභූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ