Posted on 01.09.2021 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
විදේශ සේවයේ සිටින ලාංකිකයන්ගෙන් 61,750ක් ගෙන්වාගෙන ඇති බව ආණ්ඩුවේ බලධාරින් ප්‍රකාශකර ඇත.
කොරෝනා වසංගත සමයේ අසරණභාවයට පත් වූ රටවල් 137ක සේවය කළ ලාංකික විදේශ ශ්‍රමිකයන් 69,000ක් පමණ ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළ බව පවසන කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, එයින් 61,750ක් මෙරටට කැඳවාගෙන ඇති බව පවසයි.
කෙසේවෙතත් පසුගිය වසරේ අග භාගය දක්වාම ගුවන් තොටුපළේ කටයුතු අත්හිටුව තිබුණු තත්වය තුළ මෙරටට පැමිණෙන ගුවන්යානා කිහිපයකින් පැමිණ සිටි විදේශ ශ්‍රමිකයන් ගණන 10,000ක් පමණ බව අපගේ මූලාශ්‍ර දක්වයි. විශේෂයෙන්ම මේ වනවිට මැදපෙරදිග සේවයකරන ලාංකික කාන්තාවන් සමාජ මාධ්‍ය ඔස්සේ ආයාචනා කරන්නේ තමන් ගෙන්වා ගැනීමට ආණ්ඩුව ප්‍රමුඛතාව දී නැති බවය. මෙරටට වාර්ෂිකව විදේශ විනිමය ඩොලර් බිලියන 7-8 අතර ප්‍රමාණයක් උපයාදෙන විදේශ ශ්‍රමිකයන් අතර වැඩිම දුෂ්කරතා සහ අවදානම විඳින පිරිස වන්නේ මැදපෙරදිග ගෘහසේවිකාවන් ලෙස සේවයකරන කාන්තාවන්ය.
ඔවුන් විසින් ඉල්ලා සිටි සහනය ලබාදීම මාස 10ක් තිස්සේ නොසළකා හැරීම සම්බන්ධයෙන් කිසිවක් නොපවසන කම්කරු ඇමතිවරයා විසින් 61,750ක් මෙරටට ගෙන්වා ගෙන ඇති බවට පවසන්නේ සත්‍ය කරුණු නොවන බව අපගේ අදහසයි. අවම වශයෙන් රැකියා අහිමිව තානාපති කාර්යාලවල සහාය සොයා පැමිණි කාන්තාවන් විධිමත් ලෙස මෙරටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් යොදා ගුවන් යානා යොදවා නැත. ඒ සම්බන්ධ කම්කරු ඇමතිවරයා පසුගිය කාලයේම සිටියේ නිහඬවය.