தமிழ்
English
Contact
Friday 18th September 2020    
මැදපෙරදිග මරු කටේ සිටි දහස් ගණනකින් 322ක් පැමිණෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැදපෙරදිග මරු කටේ සිටි දහස් ගණනකින් 322ක් පැමිණෙති!



අද (30) මැදපෙරදිග විදේශ ශ්‍රමිකයන් 322ක් ලංකාවට පැමිණි බව කටුනායක ගුවන්තොටුපළ වාර්තා අනාවරණය කරයි.

මාස ගණනක් මුලුල්ලේ මැදපෙරදිග විදේශ ශ්‍රමිකයන් මෙරට බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ කොරෝනා වසංගතය මැද තමන්ගේ ජීවිත අවදානමට ලක්වන බැවින් හැකි ඉක්මනින් ලංකාවට ඒන්නට අවස්ථා සලස්වන ලෙසය. පසුගිය කාලයේ මැදපෙරදිග කොරෝනා තත්වයට ගොදුරු වීමෙන් මියගිය ලාංකිකයන් ගණන 40ක් පමණවන බව නිල නොවන වාර්තා අනාවරණය කරන නමුත් ලංකාවේ ආණ්ඩුව ඒ් සම්බන්ධ වගකිවයු.ු ආකාරයෙන් සංඛ්‍යාලේඛන පවා ප්‍රකාශයට පත් නොකරයි.
ඒ් වෙනුවට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ ඇත්තේ 6000කට පමණක්ය යන හේතුව දක්වමින් ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වීම ප්‍රමාදකරන ලදී. අද දින ගුවන් යානයෙන් පැමිණියේ මෙරටට එන්නට අවශ්‍ය බවට නිල වශයෙන් ප්‍රකාශ කළ 52,000ක් දෙනා අතුරින් 322ක් පමණි. ඒ් අතර ඒක්සත් අරාබි එමීරේටයේ 280ක් හා කටාර් රාජ්‍යයේ 4 දෙනකු වෙති.