தமிழ்
English
Contact
Friday 18th September 2020    
මැදපෙරදිග විදේශ සේවයේ සුබසාධන කපන්නේ මිලියන 900ක් වියදම්වන නිසාලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැදපෙරදිග විදේශ සේවයේ සුබසාධන කපන්නේ මිලියන 900ක් වියදම්වන නිසාලු!



මේ වනවිට මැදපෙරදිග රටවල් 14ක සිටින කම්කරු සුබසාධන අංශ වසා දමා එහි සේවය කළ නිලධාරින් 160ක් මෙරටට කැඳවන්නට කම්කරු අමාත්‍යංශය තීරණය කර ඇත.

මේ ආකාරයට සුබසාධන අංශ වසා දමා නිලධාරින් කැඳවීම සම්බන්ධ තීරණයක් ගත් බවට කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පුවත්පත්වලට අනාවරණයකර ඇති නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ තමන් එබඳු තීරණයක් ගැන නොදන්නා බවය. විදේශ සේවයේ ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ඍජුව කටයුතුකරන විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන නිලදාරින් සිදුකරන සේවය ප්‍රමාණවත් නොවන බවටත් ඇතැම්විට ඔවුන්ගේ අක්‍රමිකතා සම්බන්ධවත් මැදපෙරදිග ගෘහසේවිකාවන් විසින් සිය ඥාතින්ට දව්ා එවන අවස්ථා ඇත. එහෙත් එවැනි සීමාකම් මැද වුවද සුබසාධන අංශයක් පැවති නමුත් ආණ්ඩුවේ තීරණය අනුව, ඉදිරියට එවැනි වියදම් කපා හරින්නට කම්කරු ඇමති නිමල් සිරිපාල සිල්වා තීරණයකර ඇත.

මේ වනවිට මෙරටින් එතෙර ගොස් දුෂ්කර කොන්දේසි යටතේ විදේශ සේවයේ යෙදෙන ලාංකිකයන් වාර්ෂිකව ඩොලර් බිලියන 7-8 අතර ප්‍රමාණයක් රටට ආදායම් ලෙස එකතු කරයි.
එහෙත් එවැනි විශාල දායකත්වයක් එක්කරන කම්කරු ප්‍රජාව වෙනුවෙන් ආණ්ඩුව තානාපති කාර්යාල හරහා සිදුකරන සුබසාධනය ප්‍රමාණවත් නොවන බව විදේශ ශ්‍රමිකයෝ චෝදනා කරති. මේ වනවිට කොරෝනා වසංගතය නිසාම මැදපෙරදිල පීඩා විඳින ලක්ෂ ගණනක් විදේශ ශ්‍රමිකයන් අවදානමට ලක්ව ඇති අතර ඇතැමුන් රැකියාවලින් නෙරපා මහමග හා වෙනත් තාවකාලික නවතැන්වල අතිශය පිඩාවට ලක්වෙමින් වාසය කරන බව වාර්තා විය. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේදී හා ඒ දක්වා ඔවුන්ට සෞඛ්‍ය පහසුකම්, නවාතැන් හා ආහාර සපයාගැනීමේ ගැටලුවලට ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකර නැත.
එසේ තිබියදී රටවල් 14ක විදේශ සේවය වෙනුවෙන් වැයකරන රුපියල් මිලියන 900ක් ඉතිරිකර ගන්නට බව ආණ්ඩුව කියයි.