தமிழ்
English
Contact
Monday 6th July 2020    
මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ තීරණයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ තීරණයක්



මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ද ඉදිරි දිනවලදී මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

ඒ අනුව කුවේට්, ඩුබායි, මාලදිවයින ආදී රටවල මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින පිරිස් ගෙන්වා ගන්නා බවත් ඇමතිවරයා කීවේය.

එම පිරිස් ද ගෙන්වා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන බව රමේෂ් පතිරණ පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (06)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.