தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
මැදපෙරදිග සේවක ජීවිත අවදානම සලකා වහා මැදිහත්වනු - නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැදපෙරදිග සේවක ජීවිත අවදානම සලකා වහා මැදිහත්වනු – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය



කොරෝනා වසංගතය මැද වඩාත් අවදානමට ලක්ව පීඩා විඳින මැදපෙරදිග රැකියාවල නිරතවන්නන්ගේ ගැටලුවලට විසඳුම් දෙන ලෙස ආණ්ඩුවට බලකරන සංකේතාත්මක උද්ඝෝෂණයක් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ විසින් සංවිධානය කර තිබිණි.

විශේෂයෙන් මේ වනවිට මැදපෙරදිග රටවල කොරෝනා වසංගතය උග්‍රවන පසුබිම තුළ රාජ්‍ය බලධාරින් මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වහා මැදිහත්වන ලෙස බලකරමින් ඊයේ(3) පැවති මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටය.

ලංකාවෙන් මැදපෙරදිග ගොස් ගෘහසේවය ඇතුලු ජීවනෝපායන්හි යෙදෙන කාන්තාවන් ඇතුළු ලාංකික ජීවිත මේ මොහොතේ කොරෝනා වසංගතය හේතුවෙන් බරපතළ අවදානමකට ලක්ව ඇති බව ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ පවසයි. ඒ් වෙනුවෙන් කිසිදු සාධාරණ මැදිහත්වීමක් පාලකයන් විසින් නොගන්නා තත්ත්වයක් තුළ ඔවුන්ගේ ජීවිත අනතුරට පත්ව ඇත. මේ අතර වසංගත අනතුර නිසා මැදපෙරදිග සිට පැමිණීමට අවස්තාව දෙන ලෙස ආයාචනා කරන ලංකාවේ පුරවැසියන් නොසළකා හැර තිබේ. මේ නිසා වහාම ඒම ගැටලු ගැන අවශ්‍ය ඉක්මන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා ඒම නිහඬ විරෝධය පැයක පමණ කාලයක් පවත්වන ලදී.