தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
මැද පෙරදිග වෙසෙන ලාංකිකයන්ට මෙරටට ගෙන්වන්නේ ක්‍රමානුකූලව - දිනේෂ් ගුණවර්ධන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැද පෙරදිග වෙසෙන ලාංකිකයන්ට මෙරටට ගෙන්වන්නේ ක්‍රමානුකූලව – දිනේෂ් ගුණවර්ධන



මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේ නැවතත් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සම්බන්ධතා ඇමති දිනේෂ් ගුණවර්ධන පවසයි.

අමාත්‍ය ගුණවර්ධන සඳුදා විදේශ සබඳතා අමාත්‍යාංශයේදී මැදපෙරදිග රටවල තානාපතිවරුන් හමුවී කොවිඩ් 19 වසංගත සමයේදී ශ්‍රී ලංකා ජනතාවට සහ රජයට දැක්වූ සහයෝගීතාවය සම්බන්ධයෙන් ස්තූතිය පළකර සිටි බව විදෙස් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

විදේශ අමාත්‍යවරයා මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් එම රටවල් ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කර ඇති බවද එහි දැක්වේ.

මැදපෙරදිග රටවල සේවය සඳහා ගොස් සිටින ශ්‍රමිකයන් බොහෝදෙනෙක් තමන්ට ආහාර පාන සහ සෞඛ්‍ය පහසුකම් නොමැති බවට දුක්ගැනවිලි ඉදිරිපත්කරමින් සිටියි. ඔවුන් එකවර මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි නම් ලංකා ආණ්ඩුව කළ යුත්තේ තානාපති සබඳතා හරහා ඒ සඳහා පහසුකම් සැපයීමයි. එසේ නොමැතිව මැද පෙරදිග රටවල් ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සපයන බවට බොරු ස්තූති කිරීම් නොවේ. ඊට අමතරව මැදපෙරදිග වෙසෙන ශ්‍රමිකයන් මෙරටට ගෙන්වන්නේ ක්‍රමානුකූලව බවට ඇමතිවරයා බොරු බේගල් ඇදබාන්නේ ඔවුන්ව මෙරටට ගෙන්වීමට අදාළව තවමත් වැඩපිළිවෙලක් නොමැති තත්ත්වයක් තුළයි.