தமிழ்
English
Contact
Saturday 19th June 2021    
මැලේරියා ව්‍යාප්ත වීමේ අවදානමක් - අප්‍රේල් 25 මැලේරියා දිනයයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැලේරියා ව්‍යාප්ත වීමේ අවදානමක් – අප්‍රේල් 25 මැලේරියා දිනයයි



මේ වනවිට මැලේරියා රෝගීන් හමුවීමේ ප්‍රවණතාවත් සමග සෞඛ්‍ය අංශ විශේෂ අවධානයක් ගෙන ජනතාව දැනුවත් කිරීම පටන්ගෙන ඇත.

වසරේ කෙටි කාලයක් තුළ මැලේරියා රෝගීන් 8 දෙනකු හමුවී ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි. අප්‍රේල් 25 වැනිදාට යෙදෙන ලෝක මැලේරියා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (23) පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම කරුනු අනාවරණය කළේය.

හමුව ඇති රෝගීන් අතර ලාංකිකයන් තිදෙනකු සහ අප්‍රිකානු රටවල සිට පැමිණි 4 දෙනකු සිටී. ඊයේ(22) හඳුනාගත් රෝගියා ලිබියාවේ සිට පා පන්දු තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ ක්‍රීඩකයකු බවද අනාවරණය විය.
පසුගිය වසරේද මෙරටින් මැලේරියා රෝගීන් 30 දෙනකු හමුවූ බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂවරයා පැවසීය. ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වුවත් උතුරු පළාතේ මැලේරියා වාහක ඇනෝපිලිස් මදුරුවා තවමත් ජීවත්වන බැවින් එම පළාතේ ජනතාව මේ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුය.

මිනිස් සිරුර තුළ මැලේරියා රෝගකාරකය වසරක පමණ කාලයක් පවතින බව හඳුනාගෙන ඇත. මේ නිසා අප්‍රිකාව හෝ මැලේරියා රෝගය පවතින රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට උණ රෝගයක් ඇතිවූ විට වහාම වෛද්‍යවරයකු හමුව අදාළ තොරතුරු අනාවරණය කළ යුතු බව ද ඔහු පැවසීය.