தமிழ்
English
Contact
Monday 6th July 2020    
මැලේසියාවේ රැඳී සිටි ලාංකිකයන් 150 දෙනෙකු ලංකාවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැලේසියාවේ රැඳී සිටි ලාංකිකයන් 150 දෙනෙකු ලංකාවට



ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ක්වාලාලම්පූර් නුවර සිට අද(30) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 319 දරන විශේෂ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරින් පිටත්ව ආ මෙම පිරිස රැගත් ගුවන් යානය උදෑසන 8.52 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් අතර එරට රැකියා සදහා ගොස් සිටි පිරිසක් සහ මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් සිටින බව ද වාර්තා වේ.

මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.