தமிழ்
English
Contact
Monday 26th October 2020    
ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට එවන්න, කතානායකගෙන් නියෝග! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට එවන්න, කතානායකගෙන් නියෝග!



ජූලි 31 වැනිදා මරණ දණ්ඩනයට නියම කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගිවන්නට අවශ්‍ය කටයුතු යොදන ලෙස කතානායක මහින්ද යාපා විසින් බන්ධනාගාරකොමසාරිස්ට නියෝගකර ඇත.
2015 ජනාධිපතිවරණයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු ඝාතනයකර තවත් දෙදනකු බරපතළ ලෙස තුවාල සිදුකළ සිදුවීමක් සම්බන්ධව මිනිමැරුම් චෝදනා ලැබ සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රේමලාල් ජයසේකර 2019 නොවැම්බර් මසදී බලශක්ති නියෝජ්‍ය ඇමතිධුරයට පත්කරණ ලදී. පසුව මහමැතිවරණයේදී තරග කරන්නට පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයද ලැබුණු ඔහුට අගෝස්තු 5 මහමැතිවරණයේදී දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණට ලැබුනු ඡන්ද අතුරින් දෙවැනි තැනට මනාප ලැබීමෙන් මන්ත්‍රිධුරයට පත් විය. මිනිමැරුමක් සිදුකළ අයකු ලෙස වරදකරු බවට පත්වුවද පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ලෙස ඡන්දයෙන් ජයගෙන ඇති ඔහුට පාර්ලිමේන්තුවට පැමිණෙන්නට අවස්ථාව දියයුතු බවට පොදුජන එක්සත් පෙරමුණ විසින් ගත් තීරණය අනුව, කථානායක විසින් මෙම නියෝගය සිදු කර ඇත.