தமிழ்
English
Contact
Thursday 29th October 2020    
මිනිස්සුන්ට ආරක්ෂාව ලබාදෙන්න බැරි කොමිසම්වලින් වැඩක් නැහැ - අලී සබ්රි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මිනිස්සුන්ට ආරක්ෂාව ලබාදෙන්න බැරි කොමිසම්වලින් වැඩක් නැහැ – අලී සබ්රි



ස්වාධීන කොමිෂන් සභා හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ රට තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි පවසයි.

කළුතර වෙට්ටමකඩ ප්‍රදේශයේ ඊයේ (06) පස්වරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අහදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“මාධ්‍යයෙන් මගෙන් අහනවා 19 වන සංශෝධනයට මොනව ද වෙන්නේ, 20ට වන සංශෝධනයට මොනවද වෙන්නේ කියලා. අපි ඇවිල්ලා ඉන්නේ වැඩ කරන්න මිසක්, සංශෝධන කර කර අලුතින් පොත් ලිය ලිය ඉන්න නෙමෙයි. “

“දැන් 19 වන සංශෝධනයක් උස්සන් ආවා. අපි දැන් ඒක ඉවත් කරනවා. එහෙම කරන්නේ‍, ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා දෙන්න.“

“19 වන සංශෝධනයෙන් පොලිස් කොමිසමට බලය දුන්නා. මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වුණේ, එයින් අපරාධ අඩුවෙන්න ඕනේ. ස්වාධීන පොලිස් කොමිසමෙන් අපරාද අඩු වුණා ද වැඩි වුණා ද? “

“ ඉතින් කොමිසන් හදලා වැඩක් තියෙනවා ද ? රිපෝට් හදලා වැඩක් නෑ. කොමිසන් නෙමෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දෙන එක. 19 වන සංශෝධනය නිසා එක බස් එකට ඩ්‍රයිවර් ලා දෙන්නයි. ජනාධිපතිත් බලය ඉල්ලනවා අගමැතිත් බලය ඉල්ලනවා. වාර්තා 97ක් තියෙද්දි පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණා. මොකට ද කොමිෂන්.ඒ පොලිස්පතිවවත් තාම අස්කර ගන්න බෑ.තාම ඉන්නේ වැඩබලන පොලිස්පති. “