தமிழ்
English
Contact
Sunday 17th January 2021    
මිනීමැරුම් නඩුවෙන් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මිනීමැරුම් නඩුවෙන් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස්



දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ගොනුකර තිබුණු නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු විත්තිකරුවන් පස් දෙනා නිදොස්කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය තීරණය කර තිබේ.

පිල්ලෙයාන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපතිවරයා විසින් පසුගිය සතියේදී අධිකරණයට දැනුම් දී තිබුණු අතර ඒ අනුව අධිකරණය විසින් මෙම තීන්දුව අද (13) දිනයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පසුගිය වසරේ ඔහු ඇප මත නිදහස් කරන ලදී.