Posted on 03.20.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
මේ වනවිට මියන්මාරයේ දැවැන්ත ජනතා මර්දනයක් සිදු වෙමින් තිබියදී තම වාණිජ දේපළ ආරක්ෂාව වෙනුවෙන් චීනයේ අවධානය යොමුව තිබේ.
මියන්මාරයේ හමුදාව විසින් පාලනය පැහැර ගැනීම සම්බන්ධව හෝ හමුදා ජුන්ටාවේ මර්දනයට එරෙහිව කිසිදු මතයක් ප්‍රකාශ නොකළ චීන රජය ජනතාව විරෝධතා සිදුවෙද්දී සිය වාණිජ දේපළවල සිදුවන අලාභ සම්බන්ධ අවධානයෙන් පසුවන බවට ප්‍රකාශයන් සිදුකර ඇත. රට තුළ චීන දේපළ හා චීන ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවද එසේ කළ නොහැකි නම් තදබල පියවර ගැනීමට සිදුවන බවද චීනය, හමුදා පාලනයට පවසා ඇත.
පසුගිය දිනවල ඇති වූ මියන්මාර විරෝධතාවලදී චීන ජාතිකයන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර එරට ඇති චීන ආයෝජන සහිත වාණිජ ව්‍යාපාර 32කට අදාළව ඩොලර් මිලියන 37ක හානි සිදුව ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි. චීනය විසින් අසල්වැසි මියන්මාරය සමග හමුදා පාලනය යටතේ මෙන්ම අවුං සාං සුකීගේ පාලනය යටතේ සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ඇත. චීනය එරට ආර්ථිකයේ වැදගත් පංගුකාරයකු බව පත්ව ඇත.
මේ ආකාරයෙන් චීන දේපළවලට දිගින් දිගටම හානි පැමිණෙන්නේ නම් පියවර ගැනීමට සිදුවන බව චීනය පවසා ඇත. එහි අදහස මියන්මාරයට හමුදාව එවීමදැයි අනුමාන මතුවී ඇත.