Posted on 08.30.2018 by Nishshanka in විදෙස් පුවත් with 0 Comments
මියන්මාර්යේ ජලාශයක බැම්මක් කඩායෑමෙන් ගම්මාන 85ක දහස් ගණනක් ජනතාව අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම හදිසි අනතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයෝ 63,000ක් පමණ වෙනත් ස්ථාන වෙත යැවීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.
එරට මාධ්‍ය මෙම සිදුවම පිළිබදව අද උදෑසන වාර්තා කර තිබේ. මෙම බැම්මකැඩී යාමෙන් ප්‍රධාන නගරයන් වන යංගොන් හා මැන්ඩලේ යන නගර කිහිපයක් සම්බන්ධ කෙරෙන අධීවේගී මාර්ගයක පාළමක්ද අනතුරට පත්ව ඇති බව වාර්තාවේ.
විශාල ජල පහරක් ගලායෑමෙන් පසුව ගෙවල් දහස් ගණනක් හා දේපළ යටවීමෙන් මහත් විනාශයක් සිදුව ඇති බව වාර්තාවේ. මෙම ජල ගැලීම් හේතුවෙන් නගර අතර ප්‍රවාහන කටයුතුද තාවකාලිකව නගරකිරීමට සිදුව ඇති බව වාර්තාවේ.