தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
මියන්මාර් නායිකා අවුං සාං සුකී සිව් වසරක සිරගෙට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මියන්මාර් නායිකා අවුං සාං සුකී සිව් වසරක සිරගෙට!



හමුදා ජුන්ටාව විසින් අත්අඩංගුවට ගෙන එල්ල කළ චෝදනා විභාගයන් අතර කොරෝනා නීති කඩ කිරීමේ චෝදනාවට වරදකරු කර සිව් වසරක සිරදඬුවමක් නියම කර ඇත.

මේ ආකාරයට ඇයට ගොනු කර ඇති චෝදනා 11 හේතුවෙන් ඇය ජීවිතාන්තය තෙක් සිරගත කිරීමේ සැලැස්මක් හමුදා ජුන්ටාව වෙත ඇති බවට දේශපාලන අංශ මත දක්වා ඇත.

මියන්මාරයේ මැතිවරණ මගින් බලයට පත්ව සිටි අවුං සාන් සුකීගේ පාලනය හමුදා කුමන්ත්‍රණයක් මගින් පෙරලා දමා මේ දක්වා ඇය නිවාස අඩස්සියේ තබන ලදී.

සුකිගේ නායකත්වයෙන් යුත් ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික ලීගයේ’ ආදාරකරුවකු වන වින් මින්ට් වෙතද කොරෝනා නීති කඩකිරීමේ චෝදනා යටතේ නඩු පවරා වසර 4ක සිරදඬුවම් නියම කර තිබේ.