தமிழ்
English
Contact
Sunday 28th February 2021    
මියන්මාරයේ හමුදාව පාලනය පැහැර ගනී - අවුං සාං සුකී සහ ජනාධිපති අත්අඩංගුවේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මියන්මාරයේ හමුදාව පාලනය පැහැර ගනී – අවුං සාං සුකී සහ ජනාධිපති අත්අඩංගුවේ



මියන්මාර හමුදාව නැවත වරක් එරට පාලනය සියතට ගෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවං සාං සුකී සහ ජනාධිපති වින් මින්ට් අත්අඩංගුවට ගෙන ඇත.
2020 නොවැම්බරයේ පැවති මහමැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගත් අවුං සාං සුකී ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ඉදිරි පාලනය තුළ හමුදාවට දේශපාලනයට ඇගිලි ගැසීමේ අවස්ථා අඩු වෙතැයි අනුමාන කෙරේ. ඇයගේ ජයග්‍රහණය නිසා හමුදාවේ සහාය ලැබූ විපක්ෂය පරාජයට පත් විය. මියන්මාර ඡන්දදායකයන් මිලියන 9ක් බලවත් උනන්දුවෙන් සහභාගි වූ මහමැතිවරණය දූෂිත එකක් බවද ඡන්ද ප්‍රදේශ 314ක අක්‍රමිකතා මිලියන 8.6ක් සිදුව ඇතැයි හමුදා ප්‍රධානින් චෝදනා කරන ඇත.  


මෙම තත්වය යටතේ නැවත ව්‍යවස්ථාමය පියවර ගැනීමට බලකර ඇති බවත් සියල්ලටම ඉහළින් ඇති මියන්මාර ව්‍යවස්ථාව අනුව තමන් කටයුතු කරන බවත් හමුදා ප්‍රධානින් පවසා ඇත. මෙම ව්‍යවස්ථාව යනු 2008 හමුදා පාලනය විසින් සම්මත කළ ව්‍යවස්ථාව වන අතර එයින් හමුදා ප්‍රධානින්ට එරට පාලනයට මැදිහත්වීමට වැඩි ඉඩක් සපයමින් ව්‍යවස්ථාදායක සභා දෙකෙහිම 25%ක ආසන ප්‍රමාණයක් ලබාගැනීමටද අයිතිය තහවුරුකර ඇත.


ලංකාව මෙන්ම 1948 වසරේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිදහස ලැබූ මෙම රාජ්‍යයේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් ආරම්භ විය. 1962 හමුදා කුමන්ත්‍රණයක් මගින් ජනරාල් නේ වින් බලය පැහැරගෙන මියන්මාරයේ දීර්ඝ හමුදා පාලන සමය ආරම්භ කළේය. මියන්මාර හමුදා පාලනය අවසන් කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය, අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බලවත් රටවල් කළ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස 2010 හමුදා පාලනය අවසන් කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ආරම්භ කිරීමට කටයුතු සිදු විය.

හමුදා පාලනයේ ප්‍රතිඵලයක් ලෙස නිවාස අඩස්සියට පත් වූ අවුං සාං සුකී නිදහස් කරන ලෙසත්   2011 ඇය නිදහස් කෙරිණි.  ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සුකී ගෙන ගිය වෑයම අනුව මැතිවරණ පැවැත්වුවද නැවත වරක් හමුදාව බලය පැහැරගෙන වසරක කාලයක් සඳහා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කර ඇත.
මේ වනවිට හමුදා කුමන්ත්‍රණය හෙළාදකිමින් එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු විවිධ රාජ්‍යයන් නිවේදන නිකුත්කර ඇත. කෙසේවෙතත් මියන්මාරයේ අසල්වැසි රාජ්‍ය ලෙස ඉන්දියාවද චීනයද මේ සම්බන්ධ කිසිදු නිල මතයක් ප්‍රකාශකර නොතිබීමද අවධානයට ලක් වේ.