Posted on 03.30.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා රජය විසින් පසුගිය වසරේ අගදී පත්කළ නව විදෙස් තානාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් එම රටවල් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
මෙහිදී කැබිනට් අමාත්‍යවරයකුගේ වරප්‍රසාද සහ බලතල සහිතව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරට පත්කළ මිලින්ද මොරගොඩ , කැනඩාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කළ එයාර් මාෂල් සුමංගල ඩයස් , සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස පත්කළ අහමඩ්.ඒ ජවාඩ් යන අය තානාපතිවරුන් ලෙස භාර ගැනීම එරට රාජ්‍යන් විසින් මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බව කලම්බු එක්ස් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පත්කරනු ලැබීය.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත් කළ මිලින්ද මොරගොඩට එම තනතුර ලබා දීම සම්බන්ධයෙන් නැවත වතාවක් සලකා බැලිය යුතු බව ඉන්දීය රජය විසින් දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.
එයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ මිලින්ද මොරගොඩගේ නමින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක් වෙත චීනය විසින් අරමුදල් සැපයීම සහ චීනයට පක්ෂපාතිව කටයුතු කිරීම නිසා බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුව එම තනතුර සඳහා ශ්‍රී ලංකාවෙන් නම් කරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 10 වැනිදාය.
කැනඩාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කළ එයාර් මාෂල් සුමංගල ඩයස්ව පත් කිරීමත් ප්‍රමාද වී ඇත්තේ ඔහු ආරක්ෂක අංශ නිලධාරියෙක් නිසා බවයි. ඔහුව එම තනතුර සඳහා ශ්‍රී ලංකාවෙන් නම් කරනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් 11 වැනිදාය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ තවදුරටත් එම රටවල අදාළ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු පුරප්පාඩුව පවතින බවයි.