தமிழ்
English
Contact
Sunday 31st May 2020    
මිලියන ගණනක් මරණයෙන් ගලවා ගැනීමට එක්ව සටන් කරමු - එක්සත් ජාතීන්ගේ මහලේකම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මිලියන ගණනක් මරණයෙන් ගලවා ගැනීමට එක්ව සටන් කරමු – එක්සත් ජාතීන්ගේ මහලේකම්



පවතින ව්‍යාප්තිය අනුව, නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මරණයට පත් වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ඊයේ (19) ෙඅනතුරු ඇඟවීය.‍ෙ

වයිරස ආසාදනය ආදායම් අතින් පහළ මට්ටමේ රටවල පැතිර ගියහොත් සෞඛ්‍යාරක්ෂණය සම්බන්ධ ගැටලු නිසා විශාල පරිමාණ හානියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන ඔහු ලෝක පරිමාණ ප්‍රයත්නයකින් නව කොරෝනා වයිරසයට එරෙහිව එක්ව සටන් කළ යුතු යැයි ද අවධාරනය කළේය.

මහලේකම්වරයා මෙසේද පැවසීය.

‘‘ලැව්ගිනි පැතිර යන ආකාරයෙන් වයිරසයට ව්‍යාප්ත වීමට දුන්නොත් මිලියන ගණනක් මිය යන්න පුළුවන්. විශේෂයෙන්ම දැනටමත් හඳුනාගෙන ඇති අවදානම් කලාපවල ජනයාට මෙයින් වෙන්න පුළුවන් හානිය ඉතාම වැඩියි.

‘‘මුළු ලෝකයම සහයෝගයෙන් සහෝදරත්වයෙන් වැඩ කරන්න ඕනෑ. හැමෝම මේකට උනන්දු වෙන්න ඕනෑ. මේ සඳහා සදාචාරාත්මක අවශ්‍යතාවක්. එය අත්‍යවශ්‍යයි.

“ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය නිසැකවම ලෝක පරිමාණ ‘සෞඛ්‍ය ව්‍යසනයක්’ නිසා ඒ සඳහා මුළු ලොවම එක්ව සටන් කළ යුතුයි.

‘‘හැම රටක්ම ඔවුන්ට හැකි පමණින් ඔවුන්ගේම උපායමාර්ග ගනිමින් ඉන්නවා. ඒ වගේම මේ කටයුත්තකම විනිවිදභාවයක්ද තිබිය යුතුයි.

“අපි ඉක්මන් පියවර ගත යුතුයි. ඒ වගේම අර්බුදයකට මුහුණ දීමට ශක්තිය නැති රටවලට උදව් උපකාර කළ යුතුයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය බහුපාර්ශ්වීය සටනක් ගෙන යනවා. සෑම රටක්ම සෑම ආණ්ඩුවක්ම ඊට සහයෝගය දැක්විය යුතුයි’’