தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
මිලියන 34 ක් මහජන මුදල් කොල්ලයට - ගෝඨාභය ඇප පිට නිදහස්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මිලියන 34 ක් මහජන මුදල් කොල්ලයට – ගෝඨාභය ඇප පිට නිදහස්!



මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රජයේ මුදල් මිලියන 34.9ක් අවභාවත කළ බවට චූදිත ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු ඇප මත මුදාහැරිමට කොළඹ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(10) නියෝග කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාට අමතරව, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියනආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා,  එම සංස්ථාවේ හිටපු සමාන්‍යධිකාරි  භද්‍රා උදුලාවතී කමලදාස,  ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් වන සුදම්මික කේමින්ද ආටිගල,  සමන් කුමාර  ගලප්පත්ති,  එහි.  මහින්ද සාලිය,  ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර යන අය නම්කර සිටිති.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට මෙම චෝදනා සම්බන්ධයෙන් අද(10) ඉදිරිපත් වූ විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙක බැගින් මත මුදාහැරිමට නියෝග කෙරිණි.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට විවෘත අධිකරණයේ භාර දෙන ලදී. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් වෙමින් චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විරෝධතාවක් මතු කිරීමට අපේක්ෂා කරන බව පැවසීය. ජනාධිපති නීතිඥවරයා තවදුරටත් කරුණු දක්වමින් තම සේවාදායකයාා අධිකරණය නියම කරන ඕනෑම අවස්ථාවක අධිකරණය හමුවේ පෙනී සිටීමට හැකි බැවින් කොන්දේසි සහිත ඇප මත චූදිතයා මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. චූදිතයන් එරෙහිව දැනටමත් චෝදනා පත්‍ර භාර දී තිබීම සහ මෙම නඩුව දිනපතා විභාගයට ගැනීමට නියමිතව ඇති නිසාත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු චූදිතයන් 7දෙනා ඇප මත මුදාහැරීම අධිකරණය විසින් තීරණය කළ යුතු බවත් විරෝධතා නැති බවත් රජයේ නීතිඥවරු ප්‍රකාශ කර සිටියහ.

විත්තිකරුවන් රජයේ ඉහළ නිලතල දැරූ පුද්ගලයින් බැවින් ඔවුන් ඇප නියෝගවලට ගරු කොට නඩු විභාග සඳහා පෙනී සිටිනු ඇතැයි අධිකරණය අපේක්ෂා කරන බවත් දක්වමින් චූදිතයන් සියලු දෙනා ඇප මත මුදා හරින ලදී. රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධ මෙම විශේෂ මහාධිකරණ නඩුව නැවත ඔක්තෝබර් මස 09 වන දා කැදවන්නට නියම විය.

 

 

මෙන්ද අධිකරණය නියම කළේය.

පසුගිය රජය සමයේ වීරකැටිය ,මැදමුලන ප්‍රදේශයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී  ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් නීති විරෝධී ලෙස සාවද්‍ය ආකාරයට පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබේ.