தமிழ்
English
Contact
Saturday 19th June 2021    
මිල ඉහළ දැමීම වෙනුවෙන් වෙළඳපොළ ගෑස් හිඟයක්? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මිල ඉහළ දැමීම වෙනුවෙන් වෙළඳපොළ ගෑස් හිඟයක්?



මේ වනවිට වෙළඳපොළේ ගෑස් හිඟයක් ඇතිව තිබෙන බවද එය මිල ඉහළ නැංවීම සඳහා ගෑස් සමාගම් සිදුකරන ඉල්ලීම හා සම්බන්ධ බවද වෙළඳපොළ නිරීක්ෂකයන් පෙන්වා දෙයි.

දින කිහිපයක සිට ලාෆ් ගෑස් බෙදාහැරීම අඩාල වී තිබෙන බව දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙයි. අප කළ සොයා බැලීමකදී වෙළඳ නියෝජිතයන් පැවසුවේ සමාගම විසින් දින කිහිපයක සිට නිසි පරිදි ලාෆ් ගෑස් බෙදාහැරීම සිදු නොකළ බවයි. ගෑස් සමාගම් ගෑස් මිල වැඩි කරගැනීම සඳහා ආණ්ඩුව සමඟ මේ දිනවල සාකච්ඡා කරමින් සිටින අතර මේ හේතුවෙන් ඔවුන් වෙළඳපොල තුළ කෘතිම හිඟයක් ඇති කිරීමට කටයුතු කර තිබෙන බව මේ අනුව පෙනී යයි.

මහා පරිමාණ සීනි වංචාවේ දී සීනි සඳහා අය කරන බදු මුදල අඩු කරන බව අදාළ සමාගම දැනුවත්ව සිටි බව පෙනී යන අතර ඒ ආකාරයෙන්ම වෙළෙඳපොළ තුළ කෘතිම ගෑස් හිඟයක් ඇති කොට ගෑස් මිල වැඩි කිරීමෙන් පසු අධික ලාභයක් ලැබීමට සමාගම් සහ ආණ්ඩුවේ බලධාරින් අවබෝධයකින් කටයුතු කරන බවට සැක මතු වන්නේ යැයි පාරිභෝගිකයෝ පවසති.

ඉන්ධන සහ ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩ වන අතර ඒවා බෙදා හැරීම අඩාල කිරීම පවතින නීතියට පටහැනි වේ. එහෙත් මහා පරිමාණ සමාගම් සිය මූල්‍ය බලය සහ ඒකාධිකාරී බලය පාවිච්චි කරමින් සිදුකරන ජන ජීවිතය අඩාල කිරීම පිළිබඳව  ආණ්ඩුවෙන් හදිසි පියවර ගත යුතු වුවත් මෙහෙම නැති කිසිදු මැදිහත්වීමක් සිදු කර නැති බව පෙනී යයි.