Posted on 08.03.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සමස්ත රාජ්‍ය සේවය ගැන සිතා එළඹෙන අයවැයේ දී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට සුදුසු පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.
අද (03) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
ගුරු විදුහල්පති වැටුප් ගැටළුව දීර්ඝ කාලීන ගැටළුවක් බවත් මේ අවස්ථාවේ සමාන්තර සේවා ගැන සිතා කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පවසයි.
ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයද ගුරුවරුන්ගේ වැටුප් ඉහළ නැංවිම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව ද එහිදී මෙම තීරණයට එළඹි බවද සඳහන් කර තිබේ.