Posted on 02.21.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකයා ලෙස තම තේරීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන ‘පොහොට්ටුව’ ලකුණ බැසිල් රාජපක්ෂ අදින ලද්දේ ඔහු සිරගත කර සිටියදී බවත් ඔහු පවසයි.
ඇමති විමල් වීරවංශ කථිකයෙක් පමණක් බවත් දේශපාලඥයකු නොවන බවත් පවසන ඔහු ‘විමල් පිං ඇමති කෙනෙක්’ යැයි ද කියා සිටී.
විමල් වීරවංශට බැසිල් රාජපක්ෂ සමග ගැටුමක් ඇතැයිද පවසන ඔහු විමල් වීරවංශට වඩා සාගර කාරියවසම් පොහොට්ටුවේ බර ඇද්ද බවද සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ Truth with Chamuditha අන්තර්ජාල නාළිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.