தமிழ்
English
Contact
Monday 6th July 2020    
මුඛ ආවරණ කැලෑ නීතිය යටතට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුඛ ආවරණ කැලෑ නීතිය යටතට



තම රටට අයත් ලෝක පරිමාණයෙන් විහිද ඇති 3M නමින් හැඳින්වෙන දැවැන්ත බහුජාතික සමාගම වෙත නියෝගයක් නිකුත් කරමින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් පවසා ඇත්තේ එක්සත් ජනපදය මිස වෙනත් රටවලට මේ මොහොතේ එම සමාගමේ නිෂ්පාදන අලෙවි නොකරන ලෙසයි. එක්සත් ජනපදය තුල ඇති එම සමාගමේ කර්මාන්ත ශාලාවලින් නිපදවෙන නිෂ්පාදන මෙතෙක් කලක් කැනඩාව ඇතුළු ලතින් ඇමෙරිකානු රටවල් වෙත අලෙවි කරනු ලැබූ අතර මෙතැන් පටන් තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පමණක් අදාල සමාගමේ නිෂ්පාදන ලබාදිය යුතු බැව් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

මෙහිදී එක්සත් ජනපදය අනුගමනය කරමින් සිටින්නේ මෑත කාලයේ එරට තුළ පතුරවමින් තිබූ ‘පළමුව ඇමෙරිකාව’ (America First) ප‍්‍රතිපත්තියයි. නැතිනම් බලවත් එකා රැකෙන ධනවාදයේ සාහසිකත්වයයි.

මේ සඳහා අදාල සමාගම් වෙත බලපැම් කිරීම් සඳහා දෙවන ලෝක යුද වටපිටාවේත් කොරියන් යුද සමයේත් ක‍්‍රියාවට නැංවූ ’ආරක්‍ෂක නිෂ්පාදන පනත’ යළී බලාත්මක කොට ඇත. එපමණක් නොව තායිලන්තය සිංගප්පූරුව වැනි රටවලද පවත්වාගෙන යන 3M සමාගමේ ශාඛා වෙත නියෝග කොට ඇත්තේ අදාල නිෂ්පාදන වහා එක්සත් ජනපදය වෙත ලබාදෙන ලෙසයි.

මෙසේ තමන්ගේ සමාගම්වෙත බලපෑම් කරන එක්සත් ජනපදය N95 වර්ගයේ මුඛ ආවරණ ඇතුළු නිෂ්පාදන ඇති තරම් ආනයනයට යොමුවී තිබේ. ඒ අතරම එක්සත් ජනපදය විසින් ප‍්‍රංශය , ජර්මනිය වැනි රටවල් විසින් ඇණවුම් කොට තිබූ මුඛ ආවරණ තොග ලැබුනු ඇසිල්ලක පමාවෙන් ඩැහැගෙන යාම පටන් ගෙන ඇත.