தமிழ்
English
Contact
Friday 16th April 2021    
මුතුරාජවෙල වැනසීමට එරෙහිව Youth for Chenge විරෝධතා බැනරයක් අත්සන් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුතුරාජවෙල වැනසීමට එරෙහිව Youth for Chenge විරෝධතා බැනරයක් අත්සන් කරයි



බස්නාහිර හරිත පෙනහල්ල, මුතුරාජවෙල වැනසීමට එරෙහි වෙමු! යන සටන් පාඨය යටතේ මුතුරාජවෙල තෙත්බිම් අභය භූමියේ සිදුවන පරිසර විනාශයට එරෙව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ (Youth for chenge) මූලිකත්වයෙන් අද(27) ඇලකන්ද ප්‍රදේශයේදී වි⁣රෝධතා බැනරය අත්සන් ලබාගැනීමක් සහ ජනතාව දැනුවත් කිරීමක් සිදුව තිබේ.

වෙනසක තාරුණ්‍ය සංවිධානය පවසන පරිදි මුතුරාජවෙල තෙත් බිම හරහා භූගත ජලය පිරිසිඳු කිරීම, ගංවතුර පාලනය කිරීම යන කරුණුවලට අමතරව මෙම භූමිය තුළ වටිනා ශාක සහ සතුන් විශාල ප්‍රමාණයක් පවතියි. එසේ තිබියදී මෙම තෙත් බිම තුළට කසළ බැහැර කිරීම, බිම් කොටස් වාණිජ කටයුතු සඳහා විවිධ සමාගම්වලට ලබාදීම සිදුවෙමින් පවතින බව එම සංවිධානය පවසයි. දැනට මෙම පරිසර පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇති බවත් එය වහාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගනිමින් සංරක්ෂණය කරන ලෙස ද වෙනසක තාරුණ්‍ය සංවිධානය අවධාරණය කරයි.