Posted on 12.15.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු වාරාවසාන කිරීමෙන් පසුව මාසයක නිවාඩුවක් සදහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව ‘ලංකා සී නිව්ස්’ වාර්තා කරයි.
එම වෙබ් අඩවිය පවසන ආකාරයට මුදල් අමාත්‍යවරයා ඇමරිකාව බලා පිටත්ව යාමට පෙර රජයේ මැති ඇමැතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා පවතින තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ස්ථාවරත්වය තහවුරු කරමින් සංවර්ධනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.
අයවැය යෝජනා අනුව විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් වෙන් කළ විශාල මුදල් ප්‍රතිපාදන වැය කිරීමේදී සංවිධානාත්මක සහ ඉලක්ක අනුව ක්‍රියාත්මක කිරීම සඳහා වන උපදෙස් මුදල් අමාත්‍යවරයා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් ඒවගේම අමාත්‍යාංශ ලේකම්වරුන්ටත්, රාජ්‍ය ලේකම්වරුන්ට මෙන්ම දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු සභාපතිවරුන්, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් වෙත තබා දීම මෙම වැඩමුලුවේදී සිදුව ඇත.