தமிழ்
English
Contact
Friday 16th April 2021    
මුලතිව් කෝවිලක් ආශ්‍රිත ජනාවාසයක පුරාවිද්‍යා කැණීම් නිසා විරෝධය පළ වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුලතිව් කෝවිලක් ආශ්‍රිත ජනාවාසයක පුරාවිද්‍යා කැණීම් නිසා විරෝධය පළ වේ!



මුලතිව් , කුරුන්තූර්මලෙයි, ප්‍රදේශයේ භූමිය, පුරාවිද්‍යා කැනීමක් මුවාවෙන් පදිංචිව සිටින ජනතාව ජීවත් වන සැලසුම් සහගතව ඉවත්කර රජය විසින් අත්පත් කර ගනිමින් සිටින බවට දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් චෝදනා කරයි.

සිවන් අයියනාර් කෝවිල පිහිටි බව කියන මෙම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් සිදු කළ යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු නිළධාරීන් පමණක් බවත් එසේ තිබියදි එවැනි කටයුතු සඳහා හමුදාව යොදවා ඇති බවද ඔහු චෝදනා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රකුමාර් පැවසුවේ කුරුන්තූර් මලෙයි ප්‍රදේශය අවට ගම්මාන වල දෙමළ ජනතාව පාරම්පරිකව ජීවත් වන බවත් වර්තමානයේදි පුරාවිද්‍යා කැනීම් යැයි පවසමින් එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම සිංහල ජනපදකරණයට ලක් කීරීමේ වෑයමක් පවතින බවත්ය.

එමෙන්ම වටිනා ගස් රාශියක් කපා දමා ඇති බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මෙම ස්ථානය කවර ස්ථානයක්ද යන්න තීරණය කළ යුත්තේ පුරාවිද්‍යා කැනීම් අවසන් කිරිමෙන් පසුව බවද එහෙත් එයට පෙර මෙම කැළෑ ප්‍රදේශය විනාශ කර ගොඩනැගිලි ඉදි කිරීම කිසිසෙත් පිළිගත නොහැකි බවටද චෝදනා කර සිටියේය.

ප්‍රදේශයේ හින්දු බැතිමතුන් දීර්ඝ කාලයක් තිස්සේ වන්දනාමාන කළ ඓතිහාසික සිථානයක් මෙයාකාරයෙන් විනාශ කර දැමීම හෙළා දකින බවද වැඩිදුරටත් පැවසීය. මහජන නියෝජීතයන් වන තමන්ට මෙන්ම තමන් සමඟ පැමිණි මාධ්‍යවේදීන්ට මෙම ස්ථානයට පැමිණිමට ආරක්ෂක අංශ විසින් බාධා කිරීම සිදු විය. මෙම පිරිසට ආරක්ෂක අංශ දන්වා සිටියේ නිසි අවසරයක් නොමැතිව රක්ෂිතය තුළට යාමට අවසර ලබාදිය නොහැකි බවයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේලවම් අඩෙක්කලනාදන් ඇතුළු තවත් ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් සහභාගි වී සිටියහ.
වාර්තාවන ආකාරයට, ජනවාරි19 දින ජාතික උරුම ප්‍රසංග කලා ශීල්පි ප්‍රවර්ධන රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් අත්සවයක් පවත්වා එම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් ආරම්භ කෙරුණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේලවම් අඩෙක්කලනාදන් ඇතුළු තවත් ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් සහභාගි වී සිටියහ.
වාර්තාවන ආකාරයට, ජනවාරි19 දින ජාතික උරුම ප්‍රසංග කලා ශීල්පි ප්‍රවර්ධන රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් අත්සවයක් පවත්වා එම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් ආරම්භ කෙරුණි.

මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධව ප්‍රදේශවාසීන් මෙන්ම තමිල් දේශපාලන පක්ෂ ආණ්ඩුවට චෝදනා කරන්නේ පුරාවිද්‍යාත්මක කැණීම් මුවාවෙන් පවතින හින්දු ආගමික ස්ථාව ඉවත් කිරීමත් බුදු පිළිම ස්ථාපනය කරවා විහාරස්ථාන ඉදිකිරීම හා සිංහල ජනපදකරණයක් මේ හැ බැඳී ඇති බවය.