Posted on 11.15.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොළඹ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මුල්‍ය සමාගමක්, ණයගත් කාන්තාවක් ගෙවීම් පැහැර හැරි බවට පවරන ලද නඩුවක් පසුගියදා හිඟුරක්ගොඩ දිසා අධිකරණයේදී ඉවත් කර ගන්නා ලදී
නඩු පැවරීමෙන් චෝදනා ලැබූ කාන්තාව පෙර නඩු දිනයේ කළ ප්‍රකාශයට මුල්‍ය සමාගම විසින් ප්‍රතිචාර දැක්වීමට නියමිත වුවද අය විය යුතු මුළු මුදල ගෙවා ඇති බව එම සමාගමෙන් අධිකරණයට වාර්තා කරන ලදී.
ණය ගෙවු කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රධිකා ගුණරත්න කියා සිටියේ මෙය ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් ප්‍රධාන පෙළේ සමාගමක් සමග නඩු මගට බැසීමෙන් අත්පත්කර ගත් විශාල ජයග්‍රහණයක් බවයි.