Posted on 10.30.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
මහතීර් මොහොමඩ් ප්රංශ ජාතිකයන්ට එරෙහිව සිදුකළ වෛරී ප්රකාශ නිසා ඔහුට එරෙහිව විරෝධයක් මතු වෙමින් තිබේ.
මැලේසියානු අගමැතිවරයා ආර්ථිකය තමන්ගේම පාලන ක්රමයකින් පවත්වාගෙන යමින් නවලිබරල්වාදී ප්රතිසංස්කරණ සිදුකළේය. මැලේසියාව අග්නිදිග ආසියාවේ ආර්ථික බලයක් බවට පත් කරන්නට ගත් උත්සාහය නිසා අවධානයට ලක්වූ මහතීර් නබිතුමන් සම්බන්ධව ප්රංශ කාටුන් ශිල්පියකු පළ කළ කාටුන් පදනම්කර ගෙන මෙම වෛරී ප්රකාශය සිදුකර ඇත. ඔහු මෙසේ සිය අදහස් පළකර ඇත්තේ කාටුන් මගින් මොහොමඩ් නබිතුමා උපහාසයට ලක්කිරීම ඇතුලු ප්රංශ රාජ්ය විසින් සිදුකර ඇති අපරාධ සම්බන්ධවය. එහිදී ඔහු පවසා ඇත්තේ ‘පසුගිය කාලයේ සිදුකර ඇති දේ සම්බන්ධව කෝපවීමට මෙන්ම ප්රංශ ජාතිකයන් මිලියන ගනනක් වුවද මරාදැමීමට මුස්ලිම්වරුන්ට අයිතියක් ඇති බව‘ය. කෙසේවෙතත් මේ සම්බන්ධ අදහස් පළකරන විදෙස් දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ මහතීර් බටහිරදී මවාගෙන ඇති සිය දේශපාලන ප්රතිරූපය අවදානමට ලක්කරගෙන ඇති බවය.
ඇතැම් වදේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මහතීර් මොහොමඩ් යනු අත්තනෝමතික පාලකයකු මෙන්ම ප්රජාතන්ත්රවාදී ක්රමය වෙනුවට විමතික අදහස් සමතලා කරමින් විපක්ෂය යටපත් කරවා විරුද්ධ මතධාරින් සිරගවෙල් තුළ හෝ විදෙස් රටවලට යවා මැලේසියාවේ පවුල් පාලනයක් ගෙන ගිය අයකු බවය.