தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
මුස්ලිම් කොංග්‍රසයේ සහය දෙන්නේ කාටද යන්න තීරණය අපේක්ෂයන් නම් කිරීමෙන් පසුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුස්ලිම් කොංග්‍රසයේ සහය දෙන්නේ කාටද යන්න තීරණය අපේක්ෂයන් නම් කිරීමෙන් පසුවට



මෙවර ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අපෙක්ෂකයා නම් කිරීමෙන් පසුව පක්ෂයක් ලෙස තමන් සහාය දෙන්නේ කුමන කණ්ඩායමකටද යන්න තීරණය කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් පවසයි.

මහනුවර ප්‍රදේශයේදී පැවති මාධය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති සහ ඉදිරි දැක්ම පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් ඔවුන් විසින් ලබා ගතයුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් වැඩිදුරටත් පැවසීය.