தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
මුහමාලේ අස්ථි කොටස් හමුවූ ස්ථානය තවදුරටත් පරික්ෂා කිරීමට නියෝග | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුහමාලේ අස්ථි කොටස් හමුවූ ස්ථානය තවදුරටත් පරික්ෂා කිරීමට නියෝග



කිලිනොච්චිය, පලෙයි මුහමාලෙයි ප්‍රදේශයෙන් සොයාගන්නා ලද අස්ථි කොටස් , LTTE සංවිධානයේ නිල ඇඳුම් කොටස් සහ ටී 56 වර්ගයේ ගිණි අවි කොටස් හමුවූ ස්ථානය තවදුරටත් කැණීම් සිදුකරන ලෙස කිලිනොච්චි මහේස්ත්‍රාත් ජී. සරවනබවන් නියෝග කර තිබේ. මෙම ස්ථානය පරික්ෂා කිරීමෙන් පසු එළඹෙන 26වැනිදා කැනීම් කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පොලීසිය පවසන ආකාරයට බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටින හෙලෝ ට්‍රස්ට් සංවිධානයේ සාමාජිකයන් පිරිසකට LTTE නිල ඇඳුම් සහ තුවක්කු කොටස් හමුව ඇත. මෙම ස්ථානය ආසන්නයේ අස්ථි කොටස් කිහිපයක් පවතින බවද පොලීසිය පවසයි. සොයා ගත ගිනි අවි කොටස් පැරණි තත්ත්වයේ පවතින බව වාර්තා වේ.

යුධ සමයේ LTTE සංවිධානයේ සහ යුධ හමුදාවේ ඉදිරි ආරක්ෂක වළලු මුහමාලෙයි ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පැවතුණි.

පොලීසිය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා කැනීම් නිලධාරීන්, අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන්, බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුලු කණ්ඩායම්වල නිරීක්ෂණ මත කැනීම් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි.