தமிழ்
English
Contact
Saturday 19th June 2021    
මුහුදුබත් වන නැවේ තිබූ තෙල් තවමත් ඉවත් කර නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුහුදුබත් වන නැවේ තිබූ තෙල් තවමත් ඉවත් කර නැහැ



ගිනි ගැනීමට ලක් වු MV X-PRESS PEARL නෞකාවේ තෙල් තවමත් ඉවත්කර නොමැති බව වාර්තා වේ.

නැවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්‍ෂා කිරීම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ ( 06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වී තිබේ.

ඒ අනුව, MV X-PRESS PEARL නෞකාවෙහි ජලයේ ගිලී ඇති කොටසේ වූ ඉන්ධන ටැංකි මගින් සාගරයට ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්‍ෂා කර බැලීම මෙම විශේෂ කිමිදුම් මෙහෙයුමේදි සිදු කෙරී ඇත.

තවද, වැඩි දුරටත් නෞකාවේ ජලයේ ගිලී ඇති කොටස පරික්‍ෂාවට ලක් කර නෞකාවෙන් සාගරයට ඉන්ධන කාන්දුවක් සිදු වන්නේ දැයි පරීක්‍ෂා කිරීම සදහා අද දිනයේ ද මෙම කිමිදුම් මෙහෙයුම සිදු කිරීමට නාවික හමුදාව සැලසුම් කර ඇති බව පැවසේ.

නැව ගිනිගැනීම නිසා සිදුවූ සමුද්‍ර දූෂණයට වඩා වැඩි දූෂණයක් නැවෙහි ඇති තෙල් කාන්දුවීමෙන් සිදුවිය හැකි බව සාගර විද්‍යාඥයන් අනතුරු අඟවා තිබුණි. එහිදී ලංකා රජය පැවසුවේ ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් තමන්ට නොමැති බැවින් ඉන්දියාවේ සහය ලබා ගන්නා බවයි. එහෙත් මෙතෙක් ඒ සඳහා කටයුතු කර නොමැති බව පැහැදිලි වේ.