தமிழ்
English
Contact
Saturday 24th October 2020    
මූල්‍ය සමාගම් 20ක් ණය අර්බුදයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මූල්‍ය සමාගම් 20ක් ණය අර්බුදයක



මේ වන විට රටේ තිබෙන මූල්‍ය ආයතන 42න් 20ක් අර්බුදයක සිටින බව වාර්තා වේ. එම මූල්‍ය ආයතන විසින් බැංකුවලින් ගෙන ඇති ණය පියවීම සඳහා ණය සහන පැකේජයක් ඉල්ලා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය සඳහා ලබා දී තිබෙන ණය සහන පැකේජය, මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති ණය සඳහා ලබා දෙන්න කටයුතු කරනවා දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා ඇත්තේ මූල්‍ය ආයතනවල ණයවලින් බහුතරය එනම් 50%ක් පමණ ලීසිංවලින් සමන්විත වන බවයි. “ලීසිං එකක්, term loan එකක් වගේ නැවත ප්‍රතිව්‍යූහගත කරන්න අමාරුයි. එය සංකීර්ණ දෙයක්“, යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා පවසයි.