தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
මෙරට කොවිඩ් ව්‍යාප්තිය ඉන්දියාවටත් වඩා නරක තැනක - නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෙරට කොවිඩ් ව්‍යාප්තිය ඉන්දියාවටත් වඩා නරක තැනක – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ



මෙරට දෛනිකව වාර්තාවන කොවිඩ් 19 රෝගීන් ප්‍රමාණය ජනගහන අනුපාතයට අනුව සැසදීමේදී ඉන්දියාවේ හමුවන දෛනික කොවිඩ් ආසාදියන්ගේ ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගන්නා බව දත්ත දිහා බැලීමේදි පෙනී යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කරයි.

ලංකාව අනපේක්ෂිත ලෙස අවුරුදු කාලයෙන් පසු දෙතුන් ගුණයකින් කොවිඩ් රෝගීන්ගෙන් ඉහළ යාමක් සිදුවූ බවද වෛද්‍ය හේමන්ත හේරත් පවසා තිබේ.

. එහෙත් ඉදිරි දින කිහිපය තුළ සුළු වැඩිවීමක් වනු ඇතැයි අපේක්ෂා කරන බවද අනතුරුව ක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරනු ඇතැයි ඔහු පවසා ඇත. සංචරණ සීමා තවත් කාලයක් පවත්වාගැනීම තුළින් පැහැදිලි අඩුවීමක් ලබාගත හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පවසා ඇත.