Posted on 07.29.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාවට විරුද්ධ බව එහි ආරම්භක සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා පවසන්නේ මේ ආකාරයට මර්දනකාරි පියවර ගැනීම නිසා සැප්තැම්බරයේ ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේදී ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපෑ හැකි බවය. මේ හේතුව නිසා යුරෝපා සංගමයෙන් ලංකාවට හිමිවන ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවීමට ද හේතු විය හැකි බව ඔහු සඳහන් කළේය.
දැනට ලංකාවේ පවතින තත්වය අනුව මහජන ජීවිත හා දේපල ආරක්ෂා කිරීමට පවතින සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් බවත්, හදිසි නීතිය පැනවීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජී.එල් පීරිස් පැවසුවේ අද (28) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.