தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
මේ පහරදීම් පසුපස කුමන්ත්‍රණයක් - මාවරලේ භද්දිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මේ පහරදීම් පසුපස කුමන්ත්‍රණයක් – මාවරලේ භද්දිය



අප්‍රේල් 21 වැනිදා සිදුවීම්වලින් පසුව මුස්ලිම් ජනයා ඉලක්ක කරගත් ගැටුම් ඇති නොවු තත්වයක් තුළ එයින් සති දෙකක් ඉක්ම ගොස් තිබියදී වෙළදසැල් හා ආගමික ස්ථානවලට පහරදෙන්නේ කිසියම් කුමන්ත්‍රණයක් නිසා බව මාවරලේ භද්දිය හිමි පවසයි.

අන්තවාදී ප්‍රහාරයන් සිදුවී තිබියදී ඊට ප්‍රතිචාර ලෙස කිසිවකු ප්‍රචණ්ඩත්වයකට නොගිය තත්වයක් තුළ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට දේශපාලන සම්බන්ධයක් ඇති බවට භද්දිය හිමියෝ අද(14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කරති. දේශපාලන අන්තවාදින් මේ පහරදීම්වලට සම්බන්ධ බවට ඒ හිමියන් අවධාරණය කර ඇත.

මෙවැනි තත්වයක් තුළ බෞද්ධ ජනතාවට සමරන්නට සිදුවන්නේ කලු වෙසක් උථ්සවයක් බව පෙන්වා දෙන මාවරලේ හිමි, වෙසක් සතිය ආරම්භ වූ පසුව වෙළදසල්වලට හා පල්ලිවලට පහරදෙනවුන් කවුරුන්දැයි හදුනාගත යුතු බව පවසයි. රට නිසි පාලනයකට හසුරුවාගන්නට නොහැකි පාලකයන් මෙහි වගකීම ගතයුතු බවද දේශපාලන වාසි සදහා අන්තවාදය පාවිච්චි කිරීම හෙළා දැකිය යුතු බවද භද්දිය හිමි පවසයි.