தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
මෛත්‍රිපාල-කිරිඇල්ල දුන් අදබාල විසදුමෙන් සයිටම් සිසුන් තවම මහමග! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රිපාල-කිරිඇල්ල දුන් අදබාල විසදුමෙන් සයිටම් සිසුන් තවම මහමග!



වෛද්‍ය උපාධිය විකිණීමට මහින්ද රාජපක්ෂ පාලනය යටතේ එස්.බී.-රාජිත-නෙවිල් ප්‍රනාන්දු ආරම්භ කළ සයිටම් හොර උපාධි කඩය නිසා වින්දිතයන් බවට පත් වූ සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වගකිවයුතු විසදුමක් ලබා නොදීම හේතුවෙන් ඔවුන් තවදුරටත් අසරණව සිටිති.

2009 වසරේ ආරම්බ කළ මෙම හොර උපාධි කඩයට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම ගෙන ගිය විරෝධය මහජන විරෝධතාවක් බවට පත් විය. අවසානයේ ජනාධිපතිවරයා මේ සම්බන්ධව විසදුම් දෙන බවට පුරසාරම් කියමින් සාකච්ඡා ලබා දුන්නේ ගැටලුව සම්බන්ධ වසර දහයක් අඛණ්ඩ අරගලය නිරත වූ ශිෂ්‍ය ව්‍යාපාරයට නොවේ. ජනාධිපතිවරයාගේ ව්‍යාජ විසදුම් සදහා හිටපු උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ අද බාල මැදිහත්වීමෙන් අවසානයේ සයිටමු සිසුන්ට විසදුම් නැති විසදුමක් ලැබිනි. අධිකරණය මැදිහත්වීමෙන් කිසිදු ප්‍රතිපත්තිමය විසදුමක් උදා වූයේ නැති නිසා තවමත් සයිටම් ආයතනයට ගෙවු මුදල නිශ්පල වී ඇති අතර කොතලාවල ආයතනයටද මුදල් ගෙවීමට සිදුව ඇත. සයිටම් ආයතනයේ වංචාවට ගොදුරු වූ සිසුන්ට සුදුසුකම් අනුව රාජ්‍ය වෛද්‍යපීඨවල අධ්‍යාපනයට අවස්ථා දෙන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටියද රනිල් මෛත්‍රි පාලනයන් දුන්නේ මෙම කැකිල්ලේ විසදුමය.

මේ හේතුව නිසා සයිටම් ආයතනයට ලක්ෂ 100 බැගින් ගාස්තු ගෙවූ සිසු සිසුවියන් තවමත් මහමගය. ඔවුන්ට යුක්තිය ඉටුවන දිනයක් පෙනෙන තෙක් මානයේ නැත.