தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා අසාර්ථක තේරීමක්! - සරත් විජේසූරිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා අසාර්ථක තේරීමක්! – සරත් විජේසූරිය



සාධාරණ සමාජයක් සදහා ජනතා ව්‍යාපාරය විසින් 2015දී පොදු අපේක්ෂකයා ලෙස හදුන්වා දෙමින් බලයට පත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට අසාර්ථක නායකයෙක් බවද ඒ අනුව සාධාරණ සමාජයක් සදහා ජනතා ව්‍යාපාරයේ තේරීම අසාර්ථක බවද මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

අද(9) ලංකාදීප පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. මාදුලුවාවේ සෝභිත හිමිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘සාධාරණ සමාජයක් සදහා ජනතා ව්‍යාපාරය’ විසින් රටපුරා රැස්වීම්, සම්මන්ත්‍රඛ හා විරෝධතා කැදවමින්  මහත් වෙහෙසක් ගෙන මෛත්‍රිපාල සිරිසේකගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය දක්වන ලදී.

සාධාරණ සමාජයක් සදහා ජනතා වයාපාරයේ ප්‍රමුඛ පෙළේ නායකයකු ලෙස, සරත් විජේසූරිය මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන තිදෙනාම අසාර්ථක නායකයන් ලෙස ජනතාව අතර සන්නාම ගත වී අවසන් බවය. විවිධ වෘත්තිකයන් ඇතුළු සමාජ කණ්ඩායම් නව දේශපාලනයක් වෙනුවෙන් පෙරට ඒම සුබවාදී ලකුණක් බව පවසන මහාචාර්ය විජේසූරිය කෙසේවෙතත් ඉදිරියේදී දේශපාලනය කරනවා නම්, වෙනත් බලවේගයක් කෙරෙහි විශ්වාසය තබන්නට සිදුවනු ඇති බව සඳහන් කරයි.