தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
මෛත්‍රීට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගන්නා ලෙස ශ්‍රීලනිපයෙන්ම ආරාධනා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රීට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගන්නා ලෙස ශ්‍රීලනිපයෙන්ම ආරාධනා



ඉදිරි ජනාධිපතිවරණය සඳහාත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටිමින් විශේෂ සංදේශයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් ඊයේ (06) ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේග සමඟ පුළුල් සන්ධානයක් බිහි කරන ලෙසත් එම සන්ධානයෙහි නායකත්වය ගන්නා ලෙසත් එම සන්දේශයෙන් ඉල්ලීම් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රීයානි විජේවික්‍රම, මොහාන් ලාල් ග්‍රේරු, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රී කණ්ඩායම විසින් ඊයේ(06) දහවල් ජනාධිපති කාර්යාලයේදී මෙම සන්දේශය භාරදී ඇත.

පසුගිය කාලයේ මෛත්‍රීපාල සිරිසේන මහින්ද සමඟ එකතුවී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව බලය තහවුරු කර ගැනීමට උත්සාහ දැරීය. නමුත් පාස්කු දින ප්‍රහාරයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ රටේ ජාතිවාදය තුරන් කිරීම සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ලෙස තමන් පැමිණෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ ඔවුන්ට තවත් ප්‍රතිවාදී තරඟ කරුවෙකු එකතු විය. මේ නිසා මේ මොහොතේ මෛත්‍රීපාලට අවශ්‍යව ඇත්තේ ජනතාව අතර ජනප්‍රිය වීමටයි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුද තමන්ට ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ලෙස ඉල්ලා සිටින බව ජනතාවට තේරුම් කරවීමට උත්සාහ ගනු ලබන බව පෙනේ.