தமிழ்
English
Contact
Monday 10th December 2018    
මෛත්‍රීගේ උභතෝකෝටිකය, “ගෙදර ගියොත් අඹු නසී - මග හිටියොත් තා නසී“ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රීගේ උභතෝකෝටිකය, “ගෙදර ගියොත් අඹු නසී – මග හිටියොත් තා නසී“



අද(02) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජනය කරන පක්ෂවල නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවලදී එළඹී තීරණයකට අනුව අදට යොදාගත් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. පවතින දේශපාලන අර්බුදයට ස්ථීර විසඳුමක් ජනාධිපතිවරයා විසින් දෙසැම්බර් 5 වැනිදා වනවිට ප්‍රකාශයට පත්කරනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

කෙසේවුව ද රනිල් වික්‍රමසිංහට යළි අග්‍රාමාත්‍යධූරය ලබානොදිමේ ස්ථාවරයේ ජනාධිපතිවරයා තවදුරටත් රැදී සිටින බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරන්නේ ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඕනෑම ආකාරයකින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තම පක්ෂය සූදානම් බවයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත සහිත මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ සියලු කණ්ඩායම්වල ස්ථාවරය බව අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ ආකාරයට 2015 මහමැතිවරණයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වැනිදා පත් කළද ඒ වෙනුවට වසර 3 1/2ක් පාලනය කර ජනතාවට එපාවූ අගමැති යළි පත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත.