தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
මෛත්‍රී එක්ක ඩීල් දාන එජාප අපේක්ෂකයෙකුට මගේ සහය නැහැ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රී එක්ක ඩීල් දාන එජාප අපේක්ෂකයෙකුට මගේ සහය නැහැ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර



මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඩීල් දමන එජාප අපේක්ෂකයෙකුට තමන් සහය නොදක්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා තිබේ.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන එජාපයේ සමහර සාමාජිකයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. ඒ සමඟම ඔහුට කිසිවක් කරකියා ගත නොහැකිව සිටින නිසා පොදුජන පෙරමුණ සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව හිරුණිකා පවසා ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂගේ නම හෙළි කිරීම ඉක්මන් වැඩි බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න අවසාන මොහොතේ හෙළි කරන බවද මන්ත්‍රීවරිය පවසා ඇත.