தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
මෛත්‍රී නව ආරක්ෂක උපදේශන මණ්ඩලයක් පත් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රී නව ආරක්ෂක උපදේශන මණ්ඩලයක් පත් කරයි



ජාතික ආක්ෂක කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජාතික ආරක්ෂක උපදේශන මණ්ඩලයක් පත්කර තිබේ. මෙම මණ්ඩලයේ සභාපතීත්වය සරත් අමුණුගමට ලබාදී තිබේ. මීට අමතරව කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැච්, නීතිඥ ජාවිඩ් යූසුෆ්, රාම් මනික්කලිංගම්, සුරේන් රාගවන් සාමාජිකයන් ලෙස පත්කර තිබේ.

මෙම මණ්ඩලය තම ස්වාධීන ලෙස ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට අදාළව යෝජනා සහ අදහස් ලබාදීමට නියමිතයි.

මෙම සභාව පළමු වරට ජනාධිපති නිල නිවසේදී මෛත්‍රීපාල සිරිසේනගේද සහභාගීත්වයෙන් රැස්වී ඇත.