தமிழ்
English
Contact
Friday 6th December 2019    
මෛත්‍රී පාස්කු ප්‍රහාරයේ වාර්තාව ප්‍රතික්ෂේප කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රී පාස්කු ප්‍රහාරයේ වාර්තාව ප්‍රතික්ෂේප කරයි



පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පිළිනොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (29 ) අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැති අතර එහිදී තේරීම් කාරක සභාවේ වාර්තාවද ඉදිරිපත් කර තිබුණි.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම වාර්තාව අමාත්‍ය මණ්ඩලය අනුමත නොකරන බවත්, දැනුවත්වීම සඳහා පමණක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පසුගියදා එළිදැක්විණි. එමගින් පාස්කු ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා, ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පාර්ශ්ව රැසක් වගකිව යුතු බවට නිර්දේශ කර තිබුණි. එහිදී ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ කාර්යභාරය ඉටු නොකිරීම ගැනද එහි සඳහන් විය.