தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
මෛත්‍රී මැතිවරණයක් ඉල්ලයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රී මැතිවරණයක් ඉල්ලයි!



මෙම වසරේදී මැතිවරණයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ආණ්ඩුවට අඛණ්ඩව බලපෑම් කළයුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඊයේ (07) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගතයුතු යැයිද ජනාධිපතිවරයා පවසා ඇත.

මේ වනවිට පළාත් සභා හයක කාලය අවසන්ව ඇති අතර මාර්තු 29 වැනිදා දකුණ හා බස්නාහිර පළාත් සභාවල ද සැප්තැම්බර් 20 ඌව පළාත් සභාවේ ද කාලය අවසන් වීමට නියමිතය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන උත්සාහ කරන බව පෙනෙන්නේ මෙම පදනම මත පළාත් සභා මැතිවරණ පැවැත්වීමට බව පෙනීමට තිබේ.