தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
මෛත්‍රී මැදිහත්වී මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කිරීම ජනාධිපතිවරණයෙන් පසුවට කල් දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රී මැදිහත්වී මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කිරීම ජනාධිපතිවරණයෙන් පසුවට කල් දමයි



ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමැති මංගල සමරවීරට දැනුම් දී තිබේ.

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට පෙර අකමැත්ත පලකර තිබුණද ගිය අගහරුවාදා (29) පැවැති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ලැබී තිබුණි.

මේ අතර ජනාධිපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහද පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල හා විමල් වීරවංශ ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී මෙම ගිවිසුම අත්සන් කිරීම නවත්වන්නැයි ඉල්ලීමක් කර ඇත.

කෝපරේෂන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවද එය ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි තමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් තිදෙනා සමඟ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ගිවිසුම ජනාධිපතිවරණයට පෙර කිසිම හේතුවක් මත අත්සන් නොකරන්නැයි ජනාධිපතිවරයා මංගල සමරවීර ඇමැතිවරයාට දුරකථනය මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.