தமிழ்
English
Contact
Sunday 26th May 2019    
මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ වංචා සෙවීමට කොමිසම පත්කිරීම අධිකරණ තීන්දුවෙන් පසුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ වංචා සෙවීමට කොමිසම පත්කිරීම අධිකරණ තීන්දුවෙන් පසුව



ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී ස්ථාවර රජයක් පත්වූ පසුව පැවැති මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ වංචා දුෂණ සෙවීම සඳහා කොමිෂන් සභා පත්කීරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ඊයේ (11) රාත‍්‍රී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පවසා ඇති බව වාර්තා වේ.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ නිලධාරීන්ට හිටපු අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් බාධා එල්ලවූ බැවින් එම පරීක්‍ෂණ නිසිලෙස සිදුනොවූ බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. එහෙත් සිදුවූ දේශපාලන වෙනසත් සමඟ බැදුම්කර වංචාව සම්බන්ධ පරීක්‍ෂණ ස්වාධීනව නිසිලෙස සිදු කෙරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.