தமிழ்
English
Contact
Monday 10th December 2018    
මෛත්‍රී හා මහින්ද සාකච්ඡා කළ යුතුයි - අනුගාමිකයෝ තීරණය කරති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රී හා මහින්ද සාකච්ඡා කළ යුතුයි – අනුගාමිකයෝ තීරණය කරති!



ශ්‍රීල.නි.ප. සහ එ.ජ.නි.ස. නායකයන් එක්ව අද(11) පැවැත්වූ සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග භාරකාර ආණ්ඩුවක් බිහිකිරීම පිලිබද සාකච්චා පැවැත්විය යුතු බවට එකගතාවයකට පැමිණ ඇත.

භාරකාර ආණ්ඩුවක් බිහි කිරීම පිළිබද කිසිවකු විරෝධතා මතුකර නොමැති නමුත් එවැනි භාරකාර ආණ්ඩුවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සතු භූමිකාව කුමක්ද යන්න සම්බන්ධ ඇමති නිමල් සිරිපාලද සිල්වා මතු කල ප්‍රශ්නය පිළිබද නිශ්චිත විසදුමක් ඇති වී නැත.

මෙම සාකච්ඡාවට ජනාදිපතිවරයාට පක්ෂ කණ්ඩායම වෙනුවෙන්, මහින්ද අමරවීර, නිමල් සිරිපාලද සිල්වා, ෆයිසර් මුස්තාපා යන ඇමතිවරු සහභාගි වී ඇති අතර මහින්ද පාර්ශ්වය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන ඇතුලු පිරිසක් සහභාගි වූහ. ආන්ඩුවෙන් ඉවත්ව ගිය ඇමතිවරු 16 දෙනා වෙනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත් හා එස්.බී. දිසානායක සාකච්චාවට එක්ව සිටියහ.

2015 ජනාදිපතිවරණයේදී රාජපක්ෂ පවුල් පාලනය අවසන් කර වංචා දූෂණ පිරි මර්දනකාරී රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවු බවට ජනතාව හමුවේ සුරංගනා කතා කිව් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුලු ඔහුගේ ඇමතිකට්ටුව 2015 ආණ්ඩුව පටන් ගත්තේද මර්දනය, මහබැංකු කොල්ලය වානි අපකීර්තිමත් පාඩම් ජනතාවට ලබා දෙමිනි. කිසිදු ලැජ්ජාවකින් තොරව නැවත මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමග සබදතා පවත්වා ආණ්ඩුවක් පිහිටුවන්නට සූදානම්ය. දේශපාලන බලය එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ බෙදාගන්නට හැකි 2015දී එය දූෂණයට, පවුල් පාලනයට හා මර්දනයට එරෙහි පියවරක් බව කි වත්මන් ආණ්ඩුවේ ශ්‍රීල.නි.ප. ඇමතිවරු වසර තුනක් එක්සත් ජාතික පක්ෂය හා බලය සමසේ බුක්ති විද එම පාලනය ජනතාවට එපා වන අවස්ථාවේ නැවත ආණ්ඩු බලය සියතට ගැනීම පිනිස එ.ජා.ප. වෙත සියලු වැරදි පවරා සූදානම් වන්නේ ගිලෙන නැවෙන් පැන යාමටය.

ආණ්ඩු පත්කළ ජනතාව පමණක් මෙවැනි වංචනික දේශපාලකයන් නිසා සිය ජීවිත තව තවත් පීඩාවට ඇද දමා ගෙන ඇත. මුහුණු මාරු කිීම වෙනුවට පවතින දූෂිත හා වංචනික ධනපති පාලනය පෙරලා ජනතා බලයක් ගොඩනැගීමට ඉදිරියට ආ යුතු බව වාමාංශික ව්‍යාපාරය 2015 පටන්ම ගෙන ආ  යෝජනාව විය.